දේශීය පුවත්

“පීඩක ආණ්ඩුව පලවා හරිමු” යන තේමාව යටතේ වත්මන් රජයට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා පාගමන ඊයේ (17) පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ විය.

මෙය “මහජන පාගමන” ලෙස නම් කර ඇති අතර බේරුවල නගරයෙන් ආරම්භ වූ විරෝධතාව අප්‍රේල් 19 (අඟහරුවාදා) කොළඹ නගර ශාලාව අසලින් අවසන් කිරීමට නියමිතය.

මෙම පාගමනට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාක්ෂිකයෝ ද සහභාගි වූහ.

විරෝධතාවය අතර තුර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිසානායක මහතා කියා සිටියේ ජනතාව දැන් කළ යුත්තේ විරෝධතාවයෙන් ඔබ්බට ගොස් මේ රටේ ආර්ථික සංවර්ධනය, නීතියේ ආධිපත්‍යය, වංචාවෙන් දූෂණයෙන් තොර , රටේ දේපළ ඩැහැ නොගන්නා ආණ්ඩුවක් ගොඩනැගීමයි. වංචනිකයින්ට සහ දූෂිතයින්ට දඬුවම් දෙන ආණ්ඩුවක් පිහිටවීමයි.

ඒ සඳහා පුළුල්ම වේදිකාව ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කර ඇති බවත්, ඒ සඳහා ජනතාව පෙළ ගැස්වීමේ අරමුණින් අද ඔවුන් මෙම පා ගමන සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය.

රජයට එරෙහි සියලු කුමන්ත්‍රණ පිටුපස එන්පීපී සිටින බවට රජය විසින් කරන ලද චෝදනාව ගැන විමසූ විට ඔහු “අපි පිටුපසින් නැහැ … අපි ඉදිරියෙන්ම ඉන්නවා. ඇයි අපි පිටුපසින් සිටිය යුත්තේ? ” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More