නව අමාත්‍ය මණ්ඩලයේ තනතුරක් තමන් භාර නොගන්නා බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අද දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ මෙම තීරණාත්මක අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් හොඳම විකල්පය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
නුදුරේදීම පත් කිරීමට නියමිත “තරුණ බර” නව කැබිනට් මණ්ඩලයට ද අලහප්පෙරුම මහතා සිය සුබ පැතුම් එක් කළේය.
මේ අතර හිටපු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද පවසන්නේ තමන් ඉදිරි රජයකදී අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බව පවසයි.
තමන් අප්‍රේල් 15 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සහ රටේ ආර්ථිකයේ සහ ජීවන තත්ත්වය පිළිබඳ ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මාලාවක් ලිඛිතව ඉදිරිපත් කළ බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පසුගිය කැබිනට් මණ්ඩලය මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බැවින් තරුණ, උගත්, දක්ෂ අමාත්‍යවරුන් 15කට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස තමන් වැඩිදුරටත් ඉල්ලා සිටින බවද ගුණවර්ධන මහතා පැවසීය.
මීට අමතරව තමන් ද කිසිදු කැබිනට් අමාත්‍යාංශයක් භාර නොගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) ප්‍රධාන ලේකම් සහ හිටපු වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
තමා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ “විසඳුම් ලබාදී වෙනස් කරන තුරු” කිසිදු විෂය පථයක් භාර නොගන්නා බව තමන් ආණ්ඩු පක්ෂයට දන්වා සිටි බව ඔහු ප්‍රකාශ කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට සීඩබ්ලිව්සීය “දැනට” තීරණය කර ඇති බවයි.
මේ අතර රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නව අමාත්‍ය මණ්ඩලයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා අද ප්‍රකාශ කළේය.
තම තීරණය සම්බන්ධයෙන් කෙටි නිවේදනයක් නිකුත් කරමින් සරත් වීරසේකර මහතා මේ බව කියා සිටියේය.
රටත්, සම්බුද්ධ ශාසනයත්, රටේත් ඒකීය භාවයත්, ජනතාවත් වෙනුවෙන් තමන් සැම විටම පෙනී සිටින බවත්, රටත්, ජනතාවත් වෙනුවෙන් තම යුතුකම නොකඩවා ඉටු කරන බවත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...