දේශීය පුවත්

ශ්‍රී ලංකාව දරාගත නොහැකි ණය සහ ගෙවුම් ශේෂ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ලෝක බැංකුව පවසන බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත බව ද ඉහළ මට්ටමේ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, මූල්‍ය හිඟය අඩු කිරීම, බාහිර ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ දිළිඳු හා අවදානමට ලක්වූවන් කෙරෙහි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

දකුණු ආසියාවේ රටවල් දැනටමත් භාණ්ඩ මිල ඉහළ යෑම, සැපයුම් අවහිරතා සහ දුර්වලතා සමග පොරබදමින් සිටින බවද මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික දැක්ම සහ මිනිසුන්ට ඇති වන බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බවය. ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ගෘහයන් සඳහා හදිසි ආධාර සැපයීමට අපි කටයුතු කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම සඳහා සහ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව ද ලෝක බැංකුව කියයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.4 දක්වා මේ වසරේ (2022) දී පහත වැටෙනු ඇති බවට ද ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More