සීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින විදේශ සංචිත නංවාලීම සඳහා වටිනා රාජ්‍ය වත්කම් බදු දීමෙන් හෝ විකිණීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අභිනවයෙන් පත් කළ ආර්ථික උපදේශක කමිටුව නිකුත් කළ වාර්තාවෙන් හෙළි වී තිබේ.
ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2කට, මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300කට සහ රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400කට දීර්ඝකාලීන බදු දීම එම ලැයිස්තුවේ තිබෙන ප්‍රධානතම රාජ්‍යය දේපල වේ.
තවද එම වාර්තාවට අනුව උතුරු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ඩොලර් මිලියන 600ක ආයෝජනයකට ලබාදීමට කටයුතු යොදා ඇති අතර කොළඹ වරාය නගරයේ ඉඩම් ඩොලර් බිලියන 4කට බදු දීමට නියමිතය.
ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කර්මාන්තයෙන් බලාපොරොත්තු වන අනෙකුත් සියලුම වරාය සේවා සපයන අතරම බහාලුම් හැසිරවීමේ ධාරිතාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කර උතුරු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු තවත් කොටස් ඩොලර් මිලියන 500කට සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සතු කොටස් ඩොලර් මිලියන 300කට අලෙවි කිරීමටද කමිටු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
රටේ සංචිත තත්ත්වය ඉහළ නංවන අතරම ඔවුන්ගේ මෙහෙයුම් සහ මූල්‍ය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා කෙටි කාලීනව රජයේ බහුවිධ සැලැස්මේ කොටසක් ලෙස උපායමාර්ගික නොවන රජය සතු වත්කම් බෙදා හැරීමටද ආර්ථික උපදේශක කමිටුව මගින් යෝජනා කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...