උගන්ඩාවට ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානා මගින් ඩොලර් ගෙන ගිය බවට එල්ල වන චෝදනාව පිළිබඳව හිටපු රේගු අධ්‍යක්ෂක වරයෙකු වන පරාක්‍රම බස්නායක මහතා අදහස් පළ කරයි.
තම සමාජ ජාල ගිණුම් ඒ අදහස් පළ කරමින් හෙතෙම දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.
මෙහි දැක්වෙන්නේ එම පැහැදිලි කිරීමයි.
ලබ්බේ තොවිලේ…
උගන්ඩාවට ඩොලර් වැස්සක්..
බෙහෝ දෙනෙක් මගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් මාව ටැග් කරලා තියෙනවා. ඉන්බොක්ස් අහනවා.
ආදරණීය මිතුරනි මෙන්න පිලිතුර.
මුලින්ම කියන්න ඕනේ මෙම උදෘත ගුවන් යානා තුනෙන්ම ගෙන ගියේ ඇමෙරිකානු ඩොලර් නොවන බවය.එය උගන්ඩාවේ මුදල් නෝට්ටුයි. ඒකකය ශිලිංග්ස්.
රේගුවට ප්‍රකාශ කලාද?
ඔවි.. රේගුවට ප්‍රින්ට්ටඩ් මෙටිරියල් ලෙසින් ප්‍රකාශ කරනවා. එයයි පිලිවෙත, BOI ගිවිසුමි ප්‍රකාරවයි එසේ කරන්නේ..ඒ නීත්‍යානුකූල අපනයනයක්..මෙහිදී රේගුව දැනුවත්ද? ඔවි… යන්නේ මොනවාද, කවර ප්‍රමාණයක්ද, කාරණාව මොකක්ද යන්න.
රේගුව කියන්නේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් රකින වගකියන රාජ්‍ය ආයතනයක්,ඉතාමත් නිවැරදිව මෙම අපනයනය කර තිබෙනවා පමණක් නොව විශාල විදේශ විනිමයක් අපේ රටට ලැබී තිබෙනවා. එනිසා මෙවැනි සමාගම් පනමෙන් ආරක්ෂාකර ගත යුතුයි. නැතහොත් ඔවුන් මෙය ගලවාගෙන බංගලාදේශයට හෝ වෙනත් රටකට ගෙනයයි. අපට රක්ෂා දහස් ගනනක් සහ ඉතාමත් අවශ්‍ය විදෙස් විනිමයත් අහිමි වෙිවි.
රේගුවට මේවා විවෘත කර බලන්න බැරිද?
පුළුවන් අවශ්‍ය තැන්වලදී එසේ කරනවා. සීමාවන්ට යටත්ව රේගුව සහ මෙම කීර්තිමත් සමාගම අතර මෙතෙක් කිසිදු අවිශ්වාසයක් වසර 30 කාලයේදීම ඇතිවී නැහැ..
මොකක්ද මෙි සමාගම..?
Delarue… ඩිලාරැ බ්‍රිතාන්‍ය සමාගමක්, වසර 200 කට වඩා වැඩියි. ලංකාවේ වගේම කෙන්යාවෙි, මෝල්ටාවේ සහ එක්සත් රාජධානියේත් මෙහි කර්මාන්ත ශාලා පවතිනවා..ඩිලාරැ ලංකාවේ කටයුතු කරන්න පටන් අරන් වසර 30 ක් වෙනවා. සෑම රජයක් යටතේම මෙලෙස ලොව පුරා රටවලට එම රටවල ඇනවුම්වලට අදාලව මුදල් නෝට්ටු මුද්‍රණය කර යවා තිබෙනවා. එය අසීමිතයි..මෙය සාමාන්‍ය දෙයක්.
බොරැ කීමත් හරියට අර ලබ්බේ තොවිලේ වගේ මුහුදට යනකම් නටනවා. බලනකොට අන්තිමට ඔක්කොම මුහුදේ ගිලෙනවා.එමනිසා අපිත් ප්‍රවේශමෙන් විවේචනයන් කළ යුතුයි..මුහුණත් එක්කලා තරහට නහය කපා නොගනිමු..මව්බිම රැකගමු..
ලංකාවෙි ඩිලාරැ සමාගම.. ලෝකයේ හරි අඩක් මහ බැංකුවලට අවශ්‍ය මුදල් නෝට්ටු යවනවා. මෙම උගන්ඩා සිද්ධියත්, ඉන් එකක් පමණයි.වසංගතයක් පැවති කාලයේ අපේ මගී ගුවන් යානා ගමන්බඩු ප්‍රවාහනයෙන් විශාල වශයෙන් මුදල් ඉපයුවා. මෙම ගුවන්යානා ජාත්‍යන්තර වශයෙන් කුලියට ගෙන (Charter flights) යොදාගන්නවා. ඒ ආදායම අපේ රටට.
අපේ රටින් කළු සල්ලි යවලා උගන්ඩාවේ මහ බැංකුවේ විදෙස් සංචිත වැඩිකරලාලු. බොරැවක වුනත් දිගක් පළලක් තිබිය යුතුයි. වෙනත් රටවලත් විදෙස් සංචිත වැඩිවෙන්නේ නිත්‍යානූකූල ආකාරයෙන්. උගන්ඩාව 2021 දී IMF, WB සහ තවත් ආයතන කිහිපයකින්ම ලබාගත් මුදල් නිසයි, SDR පහසුකම් මගින් එම සංචිත වැඩිවී තිබෙන්නේ. මෙරටින් ගිය මුදල් එයට සම්බන්ධ නොවෙි.
මෙම මුදල් මුද්‍රණය වන්නේ ගෝලීය ආරක්ෂණ මුද්‍රණ යන්ත්‍රයකින් එය අතිශයින් ආරක්ෂිතයි, සුරක්ෂිතයි එසේම සංවේදීයි.
එම කර්මාන්ත ශාලාවට හතර වතාවක් රාජකාරි සදහා ගිය රාජ්‍ය නිළධාරියෙක් වශයෙන් මා එහි පවතින ආරක්ෂිත ක්‍රියාදාමයන් හොදින් දනිමි.
අවසන් වශයෙන් මෙය පූර්ණ වානිජමය ගනුදෙනුවක් බව වටහාගන්න, අප මෙවන් කර්මාන්ත ශාලා රැකගතහොත් වසරකට උපයන ඩො.බි. 12 කට වැඩි අපනයන ආදායම තවත් වැඩිකරගත හැකියි
පරාක්‍රම බස්නායක..
හිටපු රේගු අධ්‍යක්ෂ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...