දේශීය පුවත්

ශ්‍රීලනිපය විපක්‍ෂයට

April 17, 2022 6:10 am | Lanka Lead News

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනා අප්‍රේල් 19 ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත.

රජයට එරෙහිව මතු වී තිබෙන විරෝධතා හා ආර්ථික ගැටලුවලට යම් විසඳුමක් කරා යෑමට සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර ආණ්ඩු පාලනයක් ඇති කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් එය ඉටු නොවන බව පෙනීයන නිසා ශ්‍රීලනිපය මෙම තීරණයට එළඹුණු බව ද ඔහු කීවේය.

ආණ්ඩුවෙන් ඉවත් වී සිටින පක්‍ෂ 11 කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් කරා යෑමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඉල්ලා සිටියත්, විසඳුමක් කරා යෑම වෙනුවට ජනාධිපතිවරයා තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ ක්‍රියාදාමයක් අනුගමනය කර ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගැනීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත් වී සිටින අනෙකුත් මන්ත්‍රීවරුන් ද යම් පියවරක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද දයාසිරි ජයසේකර මහතා තවදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More