පාලකයින් ලබාදෙන අනීතික නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඉල්ලීමක් කර ඇත.
උපුටා ගැනීම –
“මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුශීය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුල පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්ධනය කිරීමට දූශිත පාලකයින් ලබාදෙන අනීතික නියෝග පිලිබදව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ශා කරමි.
දූශිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුල උදගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුල ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදිබැස තිබේ.
සිය බලය පවත්වාගැනීම වෙනුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ෂ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල් සහගත ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.
මා යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන් වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම බලාපොරොත්තු නොවෙමි.
එබැවින් යලියලිත් මා ඔබට අවධාරණය කරන්නෙ දූශිත පාලකයින් ලබාදෙන ජනතා විරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි. ස්තුතියි.
-ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...