දේශීය පුවත්

‘පාර්ලිමේන්තුවේ 225ම හොරු කියන ලේබලය ගහන මට්ටමට පත්වෙලා.ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ හොඳ මිනිසුන් වගේම ඔය කියන චෝදනාවට අයත් මිනිසුන් ඉතිහාසයෙත් හිටියා වර්තමානයේත් ඉන්නවා ඒ නිසා මම පෞද්ගලිකව ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ 225 ම විගණනයක් කඩිනමින් සිදු කරනන එය මගෙන් ආරම්භ කරන්න‘ යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ඉල්ලීමක් කළේය.

මේ සමාජයේ දේශපාලනඥයන් සහ ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් විශාල අපවාදයක් ඇතිවෙලා තිබෙනවා.

1977 පසුව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලුම මහජන නියෝජිතයන් වගේම පළාත් සභා වගේම පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලුම මහජන නියෝජිතයන් පමණක් නොවයි සමාජය නොකියන පැත්තක් තමයි ඇතැම් නිලධාරීන් අන්ත දූෂිත නිලධාරීන් ඉන්නවා. ඒ නිසා සියලුම නිලධාරීන් සංස්ථා ආයතන මණ්ඩල නිලධාරීන් වගේම ඉහල රජයේ නිලධාරිනුත් මේ ක්‍රමය තුළ අන්ත දුෂිත නිලධාරින් බවට පත්වුණා.

ඒක නිසා සාධාරණ දේශපාලනයක යෙදුණු දේශපාලනඥයන්ට සාධාරණයක් වෙන්නත් අවංක සේවයක් කළ නිලධාරීන්ට සාධාරණයක් වෙන්නත් මේ සියලු දෙනාම විගණනයට පත්විය යුතුයි කියලා මම යෝජනා කරනවා .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More