දේශීය පුවත්

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව තරමක ආසාධ්‍යය තත්වයෙන් සිටින හිටපු මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාව විදේශ රටක රෝහල වෙත රැගෙන යාම සඳහා ගිලන් සේවා සපයන සමාගමකට අයත් ගුවන් යානයක් රත්මලාන ගුවන් තොටුපල වෙත පැමිණ ඇතැයි සමාජ ජාලා පරිශීලකයන් අතර පැතිරෙන පුවත් වාර්තා පවසා සිටී.

එම පුවත සැලවීමත් සමඟ මේ වන විට ගාලු මුවදොර බලා ඇදෙමින් සිටින විශාල ජනකායක් රත්මලාන ගුවන් තොටුපල දෙසට පැමිණෙමින් පවතින බවද සමාජ ජාලා අතර සංසරණය වන පුවත් වාර්තා පවසයි. එම වාර්තා වලට අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ රෝගී තත්වය උත්සන්න වීමටත් වඩා ඒ මහතා ප්‍රතිකාර ලබන්නේ යැයි සැලකෙන නාරාහේන්පිට “ලංකා හොස්පිට්ල්” රෝහලට ආරක්ෂාව සපයා දීමට ආරක්ෂක අංශ වලට දැඩි වෙහෙසක් ගැනීමට හේතු වී තිබීමත් රෝහල් කාර්ය මණ්ඩලය සහ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඥාතීන් විසින් රෝහල් පාලන අධිකාරියට දැඩි විරෝධය දැක්වීමත් බැසිල් රාජපක්ෂ මහතා විදෙස් රෝහලකට යොමු කිරීමට හේතු වී ඇතැයි පැවසේ. මේ අතර තතු දත් ආරංචි  මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා සිංගප්පූරු රෝහලකට රැගෙන යාමට නියමිත බවයි.

එහෙත් සමහර සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ බැසිල් මහතා රටේ පවතින අර්බූදය හමුවේ අමෙරිකාවට පැන යාමට නිර්මාණය කළ උප්පරවැට්ටියක එක් පියවරක් ලෙස කොරෝනා වැළැඳී ඇතැ‍යි යන්න ප්‍රචාරය කිරීමත් ඉන් පසුව ප්‍රතිකාර සඳහා ගුවන් යානයකින් වෙනත් රටකට යන මුවාවෙන් රටින් පලා යාමට සැලසුම් කර ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More