දේශීය පුවත්

ජනතාව ආණ්ඩුව සමඟ ක්‍රෝධයෙන් සිටින්නේ මන්දැයි තමන්ට වැටහෙන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. කෙසේ වෙතත්, දැන් කෝපය ප්‍රකාශ කිරීමට පමණක් නොව විසඳුම් සඳහා ද කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

නාමල්ට රාජපක්ෂ මහතාට අනුව ජනාධිපතිවරයා සහ රජය මීට වඩා විවෘතව රට වෙනුවෙන් කරන සැලසුම් ගැන හඬ නැඟිය යුතුව තිබුණි. “අපට ඇති ලොකුම චෝදනාව නම්, අපි මිනිසුන්ව දැනුම්නොවත් නොකිරීමයි – මම එයට එකඟයි,” ඔහු ‘ද ප්‍රින්ට්’ වෙත පැවසුවේය.

‘ද ප්‍රින්ට්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉහත අදහස් දැක්වූ හිටපු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජප්ක්ෂ මහතා ශ්‍රී ලංකාව තුළ ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය බව අවධාරණය කළේය. ඔහුට අනුව, ප්‍රගතිශීලී නායකත්වය යල්පැනගිය පරිපාලන ක්‍රමයක් සහ වැට කඩොළු රාශියක් මගින් පසු බස්වනු ලැබ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පාලනය අවශ්‍ය තරම් විනිවිද භාවයෙන් ක්‍රියා කර නැති බවත් – ජනාධිපතිවරයාගේ වත්මන් නිහඩතාවය පවතින බැරෑරුම් තත්ත්වය සමනය කිරීමට ඉවහල් නොවන බව පිළිගත් නාමල් රාජපක්ෂ මහතා “ජනාධිපතිවරයා ජාතිය අමතා තම සැලසුම් ගැන ජනතාවට පැවසිය යුතු” යැයි අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටේ ආර්ථීක තත්ත්වය සහ ඊට මුහුණදීමේ සැලසුම් සම්බන්ධයෙන් මීට වඩා හඬක් නැගිය යුතුව තිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.

රටපුරා විරෝධතා ආරම්භ වීමෙන් පසු සඳුදා රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය කළේය. “ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිවා රෑ නොබලා වැඩ කරමින් සිටිනවා,” යනුවෙන් ඔහු පැවසූ අතර ඉවසීමෙන් කටයුතු කරන ලෙස ආයාචනය කළේය.

වැඩිදුරටත් අදස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ‘ද ප්‍රින්ට්’ වෙත පවසා සිටියේ මිනිසුන් කෝපයට පත් වන්නේ මන්දැයි තමාට වැටහෙන බවත්, විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බවත්ය. කෙසේ වෙතත්, එවැනි කෝපය ඵලදායී නොවන අතර එය තවදුරටත් අර්බුදයක් ඇති කළ හැකි බවත් විශේෂයෙන්ම විරෝධතා නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ජීවය සපයන සංචාරකයින්ගේ පැමිණීමට දැඩි බාධා ඇති කළ හැකි යැයි ඔහු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More