දේශීය පුවත්

අද (15 ) පසවරු 1.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම පහත පරිදි සිදු කෙරේ.

යතුරුපැදි සඳහා ඉන්ධන ලබාදෙන්නේ උපරිම රු.1,000 ක් පමනක් වන අතර ත්‍රිරෝද රථ සඳහා රු 1,500 ක් සහ කාර්, වෑන් සහ ජීප් සඳහා උපරිම රුපියල් 5,000 කි

කෙසේ වෙතත්, වාණිජ කටයුතු සඳහා භාවිතා කරන බස් රථ, ලොරි සහ අනෙකුත් වාහන සඳහා මෙම සීමාවන් අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසයි.

ඉන්ධන පිරවුම්හල්වලින් බැරල් සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වලංගු බලපත්‍රයක් ඇති පුද්ගලයින් සඳහා පමණක් බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා සිටී.
ඒ අනුව කාර්මික අවශ්‍යතා සඳහා බැරල් සහ කෑන් සඳහා ඉන්ධන ලබා ගැනීමට අවශ්‍යය අය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අවසර ඉල්ලා සිටිය යුතු වේ. කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අවසර පත් ඉදිරිපත් කළ යුතුය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමටත් ඉන්ධන ආශ්‍රිත අක්‍රමිකතා මැඩපැවැත්වීමටත් මෙම තීරණය ගත් බවයි.

අප්‍රේල් 12 සිට 14 දක්වා ඉන්ධන පිරවුම්හල් මගින් කෑන් සහ බැරල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට පෙර නිවේදනය කර තිබුණි.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද (අප්‍රේල් 15) සිට සාමාන්‍ය පරිදි සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More