විමර්ශකයින් සහ නීතිපති දෙපාර්තමේන්තුව සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පුද්ගලයින් නිදොස් කොට නිදහස් කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා කතෝලික සභාව ඊයේ(14) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී ප්‍රශ්න කළේය.
ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැනුම්දීම සඳහා පෙරේද (13) පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද මෙලෙස අදහස් පළ කළහ.
“පළමුව, මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නායකයින්ට එල්ල වන චෝදනාවලින් ආරක්ෂා කිරීමට රාජ්‍ය සේවකයෙකු ලෙස කමල් ගුණරත්න මහතාට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද?.පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවට විවිධ චෝදනා එල්ල වෙනවා. එය එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවන බව ඔප්පු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන කණ්ඩායම් විසින් මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණ මොනවාද?” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා ප්‍රශ්න කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිල් ගාමිනී පියතුමන් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය අසත්‍ය සෙවීමට ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය ලබා ගත්තේ නම්, ප්‍රහාරය පිළිබඳව අනතුරු අඟවා හිටපු එස්අයිඑස් ප්‍රධානි නිලන්ත ජයවර්ධන වෙත නිශ්චිත තොරතුරු ලබා දුන් ඉන්දීය ඔත්තු සේවයේ සහාය ඇතිව පියවර වැඩිදුර පියවර නොගතේ මන්දැයි ප්‍රශ්න කර සිටියහ.
පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව නඩු පවරන බවත්, එම නඩුව ගොනු කිරීම ඉතා කැපවීමෙන් කටයුතු කළ බවත් ආරක්‍ෂක ලේකම්වරයාගේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළ බව පෙන්වා දුන් සිරිල් ගාමිණී පියතුමා කරුණු එසේ නම්, ප්‍රහාරයන් පිළිබඳව කලින් දැනුම් දී තිබියදීත් ප්‍රහාර වැලැක්වීමට පියවර නොගෙන බරපතළ ලෙස රාජකාරි පැහැර හැර ඇති බවට ජනාධිපති කොමිෂන් සභාව විසින් නම් කර ඇති පුද්ගලයන් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන්නේ කෙසේදැයි විමසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...