දේශීය පුවත්

මොස්කව් පාලනය මෙතෙක් යුක්රේන මහජන නියෝජිතයන්ට පහර දීමෙන් වැලකී සිටින නමුත්, රුසියාව තුල කඩාකප්පල්කාරී ක්‍රියා හෝ සාම්ප්‍රදායික ප්‍රහාර එල්ල කිරීමට කියෙව් පාලනය දිගින් දිගටම උත්සාහ කරන්නේ නම්, තත්වය වෙනස් වනු ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(13) අනතුරු ඇඟවීය.

“රුසියානු භූමියේ තිබෙන පොදු දේපල වලට සහ එහි වැසියන්ගේ දේපලවල්ට එරෙහිව යුක්‍රේන හමුදාව විසින් කඩාකප්පල්කාරී ක්‍රියා සහ ප්‍රහාර එල්ල කිරීමේ උත්සාහයන් අපි දැක ඇත්තෙමු. එවැනි උත්සාහයන් දිගටම පැවතුනහොත්, රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා කියෙව් ඇතුළු තීරණ ගැනීමේ මධ්‍යස්ථානවලට පහර දෙනු ඇත – නමුත් එවැනි ප්‍රහාර එල්ල කිරීම අප මෙතෙක් වැළකී සිටි ක්‍රියාවක්, ”රුසියානු ආරක්ෂක අන්\ශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඊගෝර් කොනෂෙන්කොව් මහත අවධාරණය කළේය.

කොනෂෙන්කොව් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රහාරයන්ට හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට දැරූ උත්සාහයන් පිළිබඳව සඳහන් නොකළද , අප්සුගිය සඳුදා සඳුදා , යුක්රේනයට මායිම්ව පිහිටි ප්‍රදේශ තුනක – බ්‍රයන්ස්ක්, කර්ස්ක් සහ බෙල්ගොරොඩ් – සහ ක්‍රස්නෝඩර්, වොරොනෙෂ් සහ ක්‍රිමියාවේ ප්‍රදේශවල මායිම් මහ නගර සභා කිහිපයක රුසියාව විසින් ත්‍රස්තවාදී අනතුරු ඇඟවීමක් ප්‍රකාශ කිරීමට වග බලාගෙන තිබුණි.

ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව පසුගිය සතිය පුරා බෙල්ගොරොද් කලාපයේ ගුවන් ආරක්ෂක වර්න් වට ක්‍රියාකාරී විය. බෙල්ගොරොද් නගරයට දකුණින් පිහිටි ඉන්ධන ගබඩාවකට හෙලිකොප්ටර් යානා දෙකක් මගින් පසුගිය අප්‍රේල් 1දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව කියෙව් පාලනය ප්‍රථමයෙන් වගකීම භාරගෙන පසුව ප්‍රතික්ෂේප කළේය. ප්‍රහාරය හේතුවෙන් තුවාල හෝ මරණ කිසිවක් සිදු නොවූ නමුත් විශාල වශයෙන් දේපල හානි සිදු විය.

රුසියානු බලධාරීන් පසුගිය මාර්තු 29 වන දින බෙල්ගොරොද් අසල හමුදා ඒකකයකට යුක්රේනයේ සිට එල්ල කල ටොච්කා-යූ මිසයිල ප්‍රහාරය සහ රොකට් ප්‍රහාරය සම්බන්ධයෙන් ද මේවන විට විමර්ශනය කරයි. ජාත්‍යන්තර වශයෙන් තහනම් කරන ලද එහෙත් යුක්‍රේනය එල්ල කළ පොකුරු බෝම්බ හේතුවෙන් රුසියානු පුරවැසියන් අට දෙනෙකු තුවාල ලැබූ අතර වාහන 21කට මෙන්ම ගොඩනැගිලි කිහිපයකටද හානි සිදු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More