දේශීය පුවත්

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ(12) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන වටයේ සාකච්ඡාවලට සහභාගි වීමෙන් වැළකී සිටීමට කටයුතු කළේය.

එහිදී අදහස් මාධ්‍යය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තවමත් රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරවල කටයුතු කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.
ශ්‍රීලනිප පර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තීරණය කර තිබියදීත් බණ්ඩාර මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය ධුරයක් භාරගත්තේය.

බණ්ඩාර මහතා පසුගියදා (අප්‍රේල් 11) ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සහ නියාමනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්නගේ ඉල්ලා අස්වීම පිළිගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More