දේශීය පුවත්

ගාලුමුවදොර පිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ල අසවන ලෙස බල කරමින් විරෝධතාවයේ නි‍යලෙන තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට රජය කැමැත්තෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය අද වන විට දින පහක් සම්පූර්ණ කර තිබේ.

වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 09) ගාලුමුවදොර පරිශ්‍රයට රැස්වූ විවිධ තරාතිරම්වල ජනතාව අතර වැඩි වශයෙන් තරුණ පිරිස් රැස්ව සිටියහ.

අධික වර්ෂාව නොතකමින් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූයේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයේ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමිනි.

උද්ඝෝෂණයට සහය පළකරමින් ගාලුමුවදොර පිටියේ පැමිණෙන පිරිස් සඳහා නොමිලේ ආහාරපාන, තාවකාලික කූඩාරම්, හදිසි වෛද්‍ය පහසුකම් සපයන කුඩා ගම්මානයක් ද නිර්පාක්ෂික විරෝධතාකරුවන් විසින් ඉදිකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More