දේශීය පුවත්

ඊයේ(12) පාන්දර ජාමයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි අසංක නවරත්න මන්ත්‍රීවරයා හමුවීමට ගොස් ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් පිරිසක් ඔහු සොයා නිවෙස් කිහිපයකට කඩා පැනීමෙන් අනතුරුව අවසානයේදී පොලිසිය සමඟ ගොස් ඔහු සොයා ගත් බව වාර්තා වේ.

ජයන්ත කැටගොඩ සහ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරු සමඟ රේණුක පෙරේරා එම මෙහෙයුමට සම්බන්ධ වී ඇති අතර අසංක නවරත්න මහතාට ප්‍රභල අමාත්‍යය තනතුරක් පිරිනමා බැසිල් රාජපක්ෂ මහතා සමඟ එකතුවන ලෙස ඉල්ලා ඇති බව ලංකා ලීඩ් වෙබ් අඩවියේ කුරුණෑගල දිස්ත්‍රික් වාර්තාකරු පවසයි.

පැමිණි පිරිස, බැසිල් රාජපක්ෂ මහතා ළඟදීම අගමැති වන බවත් ඉන්පසුව ජනාධිපති වන බවත් බොහෝ වේලාවක් තිස්සේ අසංක නවටත්න මහතා වේත කරුණු දක්වා ඇති බවත් වාර්තා වේ. කෙසේ වුවද සියළු කාරණා වලට සාවධානව ඇහුම්කන් දුන් අසංක නවරත්න මහතා අවසානයෙදී “පාවා දිය නොහැක” ලෙස පිළිතුරු දී ඇති බවද වාර්තාකරු පවසයි.

මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට ඇමතිකමක් ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා රාත්‍රියේ සිට එලිවනතුරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා සමඟ කටයුතු කළ බවද වාර්තාවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More