දේශීය පුවත්

විදේශ රටවල සිට මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙසත් කළු කඩ වෙළඳාම හරහා අක්‍රමවත් ක්‍රමවේදයන් ඔස්සේ විදේශ මුදල් මෙරටට එවීමට කටයුතු නොකරන ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙවන් පසුබිමක, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සඳහා බෙහෙවින් අවශ්‍ය වී පවතින විදේශ විනිමය පරිත්‍යාග කිරීම මගින් මෙම තීරණාත්මක අවධියේ දී රටට සහාය ලබා දීම සඳහා තම කැමැත්ත පළ කරමින් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කළ ප්‍රකාශයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාදරයෙන් පිළිගනු ලබන බව මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

සහාය ලබා දීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවල පවත්වා ගෙන යනු ලබන ගිණුම්වලට විදේශ විනිමය පැවරුම් සිදු කළ හැකි අතර, එවැනි විදේශ ව්‍යවහාර මුදල් පැවරුම් ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා පමණක් භාවිත කරනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහතික වනු ඇති බව ද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More