චීනයෙන් අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදල නියමිත පරිදි හිමිවනු ඇති බවට දැඩි විශ්වාසය පළ කරන බවත් එම කටයුතු ප්‍රගතියට පත්වෙමින් ඇති බවට චීන බලධාරීන් තමා වෙත සහතිකයක් ලබා දී ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන විදෙස් පුවත් සේවයක් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2. 5ක ණයක් ලබාගැනීමට අපේක්ෂා කරන අතර ඉන් බිලියනයක් ලබන ජූලි මාසයට නියමිත චීනයෙන් ලබාගත් ණය යළි ගෙවීම සඳහා වන අතර ඉතිරි බිලියන 1. 5ක මුදල, ණය පහසුකමක් ලෙස ලබාගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
චීනය සමග ඉතා සමීප සබඳතා පවත්වන රටක් වන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී අවස්ථාවේ ඔවුන් ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර දක්වනු ඇති බවට ආචාර්ය පාලිත කොහොන මහතා විශ්වාසය පළ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...