දේශීය පුවත්

පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක මෙන්ම මුස්ලීම් ලීග්- නවාස් පක්ෂයේ නායක ෂෙහ්බ්ස් ෂරීෆ් මහතා තේරී පත්ව තිබේ.

ශෙහ්බ්ස් ෂරීෆ් මහතා යනු තුන් වතාවක් බලයෙන් නෙරපා හරින ලදුව පාකිස්තාන පාර්ල්ලිමේන්තු නිලවරණයට තරඟ කිරීමට ජීවිතාන්තය දක්වා නුසුදුස්සෙකු බවට  එරට අධිකරණය මගින් තීන්දු කළ පකිස්ථානයේ තුන් වතාවක් අගමැති ධූරය දැරූ නවාස් ෂරීෆ් මහතාගේ සහෝදරයෙකි.

බලයෙන් පහ කරන ලද ඉම්රාන් ඛාන් මහතා ගේ නායකත්වයෙන් යුත් පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ෂා මහමුද් කුරේෂි ද අගමැති ධුරය සඳහා තරග කළේය.

නව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පෙර, පාකිස්ථාන ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ මන්ත්‍රීවරු එම ක්‍රියා පටිපාටිය වර්ජනය කළේය. ඒ අනුව පීටීඅයි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී පාගමනක් ද සංවිධානය කළහ.

ඒකාබද්ධ විපක්ෂය – සමාජවාදී, ලිබරල් සහ රැඩිකල් ආගමික පක්ෂවලින් සමන්විත දේදුනු සංධානය අගමැති තනතුර සඳහා 70 හැවිරිදි ෂරීෆ් නම් කරන ලද අතර හිටපු විදේශ ඇමති ෂා මහමුද් කුරේෂි එහි අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් මහතාගේ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය විසින් නම් කරන ලදී. .

තුන් වතාවක් පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් ඉදිරි නව රජයට එරෙහිව ව්‍යාපාරයක් දියත් කිරීමටපකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය සිය මන්ත්‍රීවරු ජාතික සභාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More