පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සභාවේ අනුනායක මහාචාර්ය අති පුජ්‍ය කොටපිටියේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මියට පසුගිය 16 වනදා එවන ලද ලිපියට පිළිතුරු ලිපියක් අද (20) උන්වහන්සේ වෙත භාර දී තිබේ.
ස්වාධීන අධිකරණයක් තුල රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට, අවනත වීමට, ගරු කිරීමට බැඳී සිටින බවද දන්වා සිටින බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය යැවූ ලිපියේ දැක්වේ.
ඒ අනුව බෞද්ධ ශාසනය තුළ චීවරය ඉවත් කිරීමට තරම් පාරාජිකා තත්ත්වට පත්වීමෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයක් මෙන්ම ස්වකීය අභිමතය අනුවද චීවරය අත්හැරීම සිදුකළ හැකි බවද අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවක් තුළදී සිරභාරයට පත්වන ඕනෑම අයෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ඒ අනුව එම දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබෙන්නේ එම පනතට අනුකූලව බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...