“ගෝටා ගෝ හෝම්” යන සටන්පාඨය පෙරදැරි කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් වෙත ලැබෙන ආධාර මුදල් සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව ඔවුන්ගේ සමාජ මාධ්‍යය ජාලා පරිශීලනය කිරීමෙන් තහවුරු වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාඩිලා සිටින විරෝධතාවයට ආධාර සදහා විදේශයන් මගින් ලැබෙන මුදල් “යූ ටියුබ් ක‍්‍රියාකරුවන්” විසින් වංචනික ආකාරයෙන් භාවිතා කරන්නේ යැයි එම ක්‍රියාකාරිකයන් එකිනෙකාට චෝදනා කරමින් සිටින බවද ඔවුන් අතර සංසරණය වන බව ඔවුන් විසින් තම තමන්ගේ ගිනුම් වල තබන සටහන් වලින් තහවුරු වේ.
විරෝධතාවයේ ප‍්‍රමුඛතම සාමාජිකයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා තම සමාජ ජාල ගිණුමේ එම තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මකව සටහනක් පල කර ඇති අතර පසුව ඔහු විසින්ම එය ඉවත් කර ගෙන තිබේ.
සන්නස්ගල මහතාගේ සටහන මගින් ඇතැම් යූටියුබ්කරුවන් දන්සැල් මුවාවෙන් දන්සැල් මංකොල්ල කන බවට චෝදනා කර තිබේ.
තවත් යූ ටියුබ්කරුවන් තවත් දෙතුන් දෙනෙකු මෙන්ම විරෝධතාවට සහාය දෙන ෆේස්බුක් පිටු කිහිපයක් විසින්ද මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ මුදල් ආධාර ලබා දෙන්නේ නම් විශ්වාසවන්ත අයෙකුට පමණක් ලබා දෙන ලෙසයි.
මේ අතර විරෝධතා ස්ථානයට ආධාර ලෙස ලැබුණු ජලබෝතල් කිසියම් කණ්ඩායමක් විසින් විකිණීමට කටයුතු කර ඇති අතර ඒ ගැනද ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.
මෙම විරෝධතා කරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වනුයේ හොරු එලවිය යුතු බවත් සොරකම් කල මුදල් ආපසු ලබා ගත යුතු බවත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...