දේශීය පුවත්

අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා සංශෝධනය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යෝජනා කළ ඇති බවත් ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සමග ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත පැවසීය.

ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව ඉකුත්දා කරුණු එකොළහකින් සමන්විත විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කළ අතර එහි අඩංගු කරුණු පිළිබද සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. එම සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පමණක් ආණ්ඩුව වෙනුවෙන් සහභාගි වී ඇත.

අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා ඉදිරිපත් කෙරුණු යෝජනාවන් එකිනෙක සාකච්ඡා කළ ජනාධිපතිවරයා සිය ස්ථාවරය එහිදී පැහැදිලි කර ඇති බවත් ඉන් අනතුරුව අදහස් පළ කළ ස්වාධීන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිය කණ්ඩායම සාකච්ඡා කර අවසන් තීරණය ඉදිරියේදී දැනුම් දෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More