රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අන්තර්වාර පාලනයක් ඇතිකර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතිකර ජාත්‍යන්තර සහාය දිනාගත යුතු යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇතිකරන අන්තර්වාර පාලනයට අගමැතිවරයා ප‍්‍රමුඛ රාජපක්‍ෂවරුන් නොසිටිය යුතු බවත්, ඔවුන් නැවත කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ලැබුවහොත් ජනතා විශ්වාසය නැතිවී අරගල උත්සන්නවනු ඇති බවද රටේ ඇතිවී තිබෙන අර්බුදවලට විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවී තුන්වතාවක් දැනුවත් කළ බවත් එයට යහපත් ප‍්‍රතිචාර නොලැබීම නිසා පීඩා විඳින ජනතාව පාරට බැස අරගලය පටන්ගත් බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
සියලූ පක්‍ෂවල එකඟතාවයකින් අන්තර්වාර පාලනයක් ඇතිකරගනු ලැබුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව ඇතුළු ආයතන රැසක විශ්වාසය ඇතිවී රටේ ප‍්‍රජාතන්ත්‍රවාදය ඇතිකර ගැනීමට ජාත්‍යන්තරයේ සහය ලබාගත හැකි බවද විශේෂයෙන් ජාත්‍යන්තර සහාය ලබාගැනීමට රාජපක්‍ෂවරුන්ගෙන් තොරව අන්තර්වාර පාලනය ඇතිවුවහොත් රට තුළ සමාජ, ආර්ථික, දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවී රටේ ජනතාවට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බවද ඔහු කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...