දේශීය පුවත්

ශ‍්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ලකර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිවේදනය කර සිටියි.

යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල (ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව) සහ ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමඟ එක්ව එම නිවේදනය නිකුත් කර ඇත.

එහි මෙසේද සඳහන්වේ.

සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකිය හැකිය. එබැවින් සියලු පාර්ශ්වවලට සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස අපි දකින්නෙමු.

මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක වන අතර ශ‍්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමුකර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගැඹුරින් සාකච්ඡා කළ යුතු බව අපි අවධාරණය කර සිටින්නෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More