දේශීය පුවත්

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයෙන් ඒ මහතා පරාජය වීමත් සමඟ බලයෙන් පහකරනු ලැබ ඇත.

ඔහුට එරෙහිව විපක්ෂයේ පක්ෂ විසින් ගෙන ආ යෝජනාව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදී.

තමා ඉවත් කිරීමට කිසිදු සාක්ෂියක් නොමැතිව විරුද්ධ පක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් විරුද්ධ පක්ෂය විසින් ගෙන ආ බව පවසන ඒ මහතා මෙය අමෙරිකා එක්සත් ජනපදය විසින් දියත් කළ කුමන්ත්‍රණයක් ලෙස තමා හඳුනා ගන්නා බව අවධාරණය කළේය.

ඉම්රාන් ඛාන් මහතාගේ ඉවත්ව යාමත් සමඟම නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පාකිස්තාන පාර්ලිමේන්තුව සඳුදා(11) රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව තෝරා පත්කරගන්න නව අගමැතිවරයාට පාකිස්ථානයේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත 2023 ඔක්තෝබර් දක්වා බලයේ සිටීමට නීතිමය ඉඩකඩ ලැබෙනු ඇත.

මෙතෙක් ආණ්ඩු පක්ෂ සාමාජිකයෙකු හෝ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීරයෙකු නම් කර නොමැති අතර පාකිස්ථානු ජාතික සභාව භාරව සිටින අයාස් සාදික් පැවසුවේ අගමැති අපේක්ෂකයින් සඳහා නාමයෝජනා පත්‍ර පාකිස්ථාන වේලාවෙන් ඉරිදා(10) 11:00ට ප්‍රථමයෙන් ගොනු කළ යුතු බවයි.

ඉම්රාන් ඛාන් මහතා විශ්වාසභංගයකින් බලයෙන් පහකළ පළමු පකිස්තාන අගමැතිවරයා බවට ඉතිහාසගතවන බව දේශපාලන විශ්ලේශකයන්ගේ මතයයි.

69 හැවිරිදි ඉම්රාන් ඛාන් මහතා ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය අවහිර කර පාර්ලිමේන්තුව විසුරුවා හැර ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කර ඇති බව පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා(07) තීන්දු කළේය.

ඉම්රාන් ඛාන් මහතා ගත් ක්‍රියා මාර්ගය එරට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කෝපයට හේතු වූ අතර ඇතැම් මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා ද්‍රෝහීයෙකු බවට චෝදනා කළහ.

ඡන්දය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර, ඉම්රාන් ඛාන් මහතාගේ හිතවතෙකු වන පාකිස්තානයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය. ඉම්රාන් ඛාන් මහතාගේ පක්ෂයේ (PTI) සාමාජිකයින් ගොඩනැගිල්ලෙන් පිටව ගියේ ඔහු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ගොදුරක් බව අවධාරණය කරමිනි.

විශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 342 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 174 ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකි වූ බව කථානායකවරයා ප්‍රකාශ කළේ එය බහුතර ඡන්දයක් බවට ප්‍රකාශ කරමිනි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් කියා සිටියේ පාකිස්තානය සහ එහි පාර්ලිමේන්තුව “අවසානයේ බරපතල අර්බුදයකින් නිදහස් වූ” බවයි.

ෂරීෆ් මහතා තවදුරටත් මෙසේ පැවසීය: “නව උදාවකට පකිස්ථාන ජාතියට සුබ පැතුම්.”

මේ අතර, පීටීඅයි සෙනෙට් සභික ෆයිසාල් ජාවෙඩ් ඛාන් පැවසුවේ 69 හැවිරිදි ඉම් රාන් ඛන් මහතා සිය අග්‍රාමාත්‍ය නිල නිවසෙන් පිටව ගියේ “කිසිදු පැකිලීමකින් තොරව මෙන්ම ඔහු කුමන්ත්‍රණයට බියේ හිස නැමුවේ නැත” යනුවෙනි.

ඛාන් මහතා “මුළු පකිස්ථාන ජාතියම ඔසවා තැබූ” බව සෙනෙට් සභික ෆයිසාල් ජාවෙඩ් ඛාන් තවදුරටත් පැවසීය.

පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා 2018 දී අගමැති ලෙස තේරී පත් වූ අතර දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථිකය නිවැරදි කිරීමට පොරොන්දු විය.

එහෙත් එම පොරොන්දු ඉටු නොවූ අතර රට මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත.

මාර්තු අග භාගයේ දී ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයට පැන යාම් මාලාවක් හේතුවෙන් ඔහුට ඔහුගේ බහුතරය අහිමි වූ අතර ඔහුගේ දේශපාලන ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට ඔහුට බල කෙරුණි.

පාකිස්තානයේ විරුද්ධ පක්ෂ විදේශ බලවතුන් සමඟ කටයුතු කරන බව ඉම්රාන් ඛාන් මහතා පුන පුනා ප්‍රකාශ කළේය. ලෝක දේශපාලනයේ රුසියාවට සහ චීනයට එරෙහි ප්‍රශ්නවලදී වොෂින්ටනයට පක්ෂපාතීව ක්‍රියාකිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමන්ව ඉවත් කිරීමට එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණයේ ඉලක්කයට තමන් ගොදුරු වූ බව ද ඔහු කියා සිටියේය.

මෙම චෝදනාවල “සත්‍යතාවක්” නොමැති බව එක්සත් ජනපදය පවසා ඇති අතර, ඛාන් මහතා කිසිවිටෙක කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවද අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය දියත් කරමින් සිටියදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට ඔහු මොස්කව් වෙත ගිය අතර බුෂ් පරිපාලනය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ලෙස හැඳින්වූ දෙය කලින් විවේචනය කළේය.

ඉම් රාන් ඛාන් මහතා බලයෙන් පහකිරීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් විස්න් පසුගිය ඉරිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ ඡන්දය විමසීම කරණු ලැබිණි.

නමුත් ඉම් රාන් ඛාන් මහතාගේ පක්ෂයේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාසිම් සූරි, “විදේශ මැදිහත්වීමක්” පෙන්නුම් කරන බව පවසමින් ඡන්දය විඅමසීම අවහිර කළේය. එය රාජ්‍යයට පක්ෂපාතීත්වය ඉල්ලා සිටින ව්‍යවස්ථාවට පටහැනි බව ද සූරි මහතා අවධාරණය කළේය.

ඉම්රාන් ඛාන් මහතාගේ රජය පාර්ලිමේන්තුව විසුරුවා  හදිසි මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. මෙය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගී කෝපයට හේතු වූ අතර සමහරු ඡන්දය ප්‍රකාශ කිරීම අවහිර කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් මහතා ද්‍රෝහියෙකු යැයි චෝදනා කළහ.

ඒ අනුව එරට විපක්ෂයේ ප්‍රභල  චරිත කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා(09), පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඉම් රාන් ඛාන් මහතා ඡන්දය විමසීම නැවැත්වීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි. විශ්වාසභංගය නැවත පැවැත්විය යුතු බවට නියෝග කළේය.

කෙසේ වෙතත්, ඡන්දය පැවැත්වීම පිළිබඳ අවුල්සහගත තත්වයක් සෙනසුරාදා(09) සවස් වන තුරුම පැවති අතර, ඛාන් මහතාගේ හිතවතෙකු වන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ කථානායක අසාද් කයිසර් ඉල්ලා අස්වීමටද එළඹුණු තත්වය පොළඹවන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More