රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව ප‍්‍රධාන පියවර දෙකක් ක‍්‍රියාත්මක කිරීමට යන බව හිටපු ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව එහි ප‍්‍රථම පියවර වනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම බවත් දෙවැන්න වත්මන් ආර්ථික කඩාවැටීම වළක්වා ගැනීමට හැකි මූල්‍ය විශේෂඥ දැනුම ඇති ජාත්‍යන්තර ආයතනයක් තෝරාගෙන එමගින් විශේෂඥ උපදෙස් ලබා ගැනීම බවත් හෙතෙම පැවසීය.
ඒ සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවද ඇමැතිවරයා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...