දේශීය පුවත්

රටට විශාල වෙනසක් සමග නව ආරම්භයක් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මීගමුව නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් සඳහන් කරන ලදි.

“දැන් අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දෙගොල්ලෝම එකතුවෙලා නාටකයක් රඟපානවා වගේ අපිට පෙනවා. ඒ නාට්‍ය රඟපාලා අපිව මෝඩයන් හැටියට සලකලා.. අපිට ඒ තත්ත්වයෙන් මේ කරන ක්‍රමවේදය පිළිගන්නැයි කියන එක වැරදියි.”

“අපි එහෙම භාරගන්න කැමති නෑ. අද අපිට අවශ්‍යයි රටට ලොකු වෙනසක්. නව ආරම්භයක්. දැන් අපේ විදේශ ඇමතිතුමා අපේ මුදල් ඇමතිතුමා යන්න ඕනේ අයිඑම්එෆ් එකට ණය ඉල්ලන්න.”

“රටවල්වලට ගිහිල්ලා අතදිගු කරන්න ඕනේ.. හිඟා කන්න. ඊයේ මං පත්තරේ දැක්කා ඉන්දියාවේ හිඟන්නෙක්.. එයා එකතු කරපු සල්ලි වගයක් ලංකාවට දෙනවා කියලා. ඒ කියන්නේ අපි හිඟන්නන්ගේ තත්ත්වයටත් එහා යන තත්ත්වයකට වැටුණයි කියන එකයි.”

“මේ තත්ත්වය දිගටම කරගෙන යන්න දෙන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මේ රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න.. ඔක්කොමත් එක්කම. එකතුවෙලා මේ අයට කියන්න කරුණාකරලා.. යන්න දැන් ඇති රට කෑවා.. යන්න කියලා.”

“ගිහිල්ලා.. මේක කරන්න පුලුවන් කෙනෙක්ට රට භාර දෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහිල්ලා සියලුමදෙනා පාරට බැහැලා.. මේ දූෂිත ක්‍රමවේදය ඉවත් කරන්නට කටයුතු කරන්න ධෛර්යවන්තව.”

මේ අතර පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම හා රටේ පවතින වත්මන් ගැටුළුකාරී තත්ත්වයට විරෝධය දක්වා කතෝලික ජනතාව හා සිවිල් ක්‍රියාකාරීන් විසින් අද පෙරවරුවේ යුක්තියේ පාගමන නමින් සාමකාමී පාගමනක් ආරම්භ කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More