රටේ පවතින සියලූ අර්බුදයන්ට පිළිතුරු ලබාදිය නොහැකි නම් පාර්ලිමේන්තුවේ පල රහිත වාද විවාද කරමින් නොසිට ජනතා හඬට ඇහුම් කන්දී ඉවත්ව යෑමට ජනපති ප‍්‍රමුඛ රජය කටයුතු කළ යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී පැවසූහ.
ජනතා පරමාධිපත්‍යයේ අයිතිය පූර්ණ ලෙස රජයට සහ ජනපතිවරයාට ලබාදී ඇති මොහොතක එය නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමෙන් වත්මන් අර්බුදය උග්‍ර වී ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද සඳහන් කළහ.
ජනතාවගේ ආහාර, ඉන්ධන, ඖෂධ, ගෑස් ඇතුළු මූලික අවශ්‍යතා සපුරාලීමට මේ රජය අද අසමත්. කවදාවත් ‘ස්ට‍්‍රයික්’ නොකර අපිට බත සපයා දුන් ගොවියාටත් මේ රජය පහර දුන්නා. තමන්ගේ බලය සහ ආරක්ෂාව පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කල් මැරීම අපට අනුමත කරන්න බැහැ. මහ පොළවේ අරගල කරන ජනතා හඬ වටහා ගැනීමට මේ රජය කි‍්‍රයා නොකිරීම පවතින තත්ත්වය තීව‍්‍ර කරවන්නක්….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...