දේශීය පුවත්

කොළඹ ගාලූමුවදොර පිටියේ අද (09 දා) දින පැවැත්වීමට නියමිතව ඇති බව කියන දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ.

පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම බස්නාහිර පළාතේ වෙනත් පොලිස් කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹට කැඳවා ඇති අතර අවශ්‍ය වූවොත් යුදහමුදාවේ ආරක්‍ෂාව ද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ මෙම උද්ඝෝෂණයට පැමිණෙන පුද්ගලයන් කලහකාරී ලෙස හැසිරීමට කටයුතු නොකර සාමකාමීව සිය විරෝධතාව දැක්වීමට කටයුතු කළහොත් කිසිම ගැටලූවක් නොවන බවයි.

එසේ නොකර කලහකාරී ලෙස හැසිරෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ ප‍්‍රභූ නිවාස වලට ඇතුළුවීමට උත්සාහ කළහොත් බලය පාවිච්චි කර එය නතර කිරීමට කටයුතු කරන බවද එම නිලධාරියා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More