මහ බැංකුවට අභිනවයෙන් පත්කළ අධිපතිවරයා ප්‍රශ්නය විසදනු ඇති බවට පළවන සුභවාදී අදහස් පිළිබඳව අප ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ මහ බැංකු අධිපති පමණක් නොව නව භාණ්ඩාගාර ලේකම්ද මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ෂවර් එකෙන් මොළ සෝදාගත් නව ලිබරල් කුලීකරුවන් දෙදෙනෙක් බවය. මහ බැංකු අධිපතිවරයා ජනතා පරමාධිපත්‍යයට උඩින් සිටින ස්වාධීන පුද්ගලයෙකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කිරීම ඉතා බරපතල තත්වයක් බවද ඔහු කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කරන්නේ මහජන විරෝධය යොදාගනිමින් මෙතෙක් කළ නොහැකි වූ නව ලිබරල් ප්‍රතිසංස්කරණ සිදුකිරීමට දැන් ආර්ථික ඝාතකයින්ට අවස්ථාව ලැබී ඇති බවයි. පී.බී. ජයසුන්දර බාධක දිවිමක් ලෙස ආරම්භ කළ ගමන මේ නිලධාරීන් දෙදෙනා මීටර් 100 තරඟයක් ලෙස අවසන් කිරීමට උත්සාහ කරනු ඇති බවද ඔහු කියයි. ලයිට් නැතිව වායුසමීකරණ නැතිව ගෙදර ඉන්න බැරි නිසා එළියට බහින පිරිස් වලට මේවා ගැන අවබෝධයක් නැතත් රන් සළු පොරවාගත් අයට ඒ් ගැන අවබෝධයක් නැතිවීම ඛේදවාචකයක් බවද ඔහු කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
නව මහ බැංකු අධිපතිගේ ස්වාධීන කතාව හරියට නිවට කරණවෑමියට එළුවත් නිකට පානවා වගේ වැඩක්. 2015-19 වසර හතරාමරක් තුල කුප්‍රකට මහ බැංකුව මහ දවල් කොල්ල කෑවෙත්, ඩොලර් බිලියන 11ක් ජාත්‍යන්තර සවරිං බොන්ඩ් ගත්තෙත්, ඊට අමතරව රුපියල් බිලියන 300ක් සල්ලි අච්චු ගැහුවෙත් ඔය කියන අයී එම් එෆ් මොළකරුවන් මහ බැංකුවේ ඉන්න විට නේද? ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ නොවෙයි කියන්න නව මහ බැංකු අධිපති වග බලා ගත්ත.