බෙදුම්වාදී න්‍යායාචාර්යවරයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා සුළු ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව කියන හිටපු තානාපති නිලධාරී ආචාර්ය දයාන් ජයතිලක මහතා සදහන් කරන්නේ වත්මන් අර්බුදය විසදීම සඳහා කළ යුතු ප්‍රධානතම කර්තව්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 19 වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීම බවය.
ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් සපයමින් ඔහු සඳහන් කරන්නේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබාගත යුතු බවය. ඒ අතර ආණ්ඩු පක්ෂයෙන් වෙන් ව ස්වාධීනව කටයුතු කරන පක්ෂ 11කින් සමන්විත කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවට දයාන් ජයතිලකගේ යෝජනාවද ඇතුලත් වීම විශේෂ තත්වයකි.
කෙසේ වෙතත් 19 වැනි සංශෝධනය අවස්ථාවේදී කෙටුම්පතේ නොතිබූ සංශෝධන 40ක් කාරක සභා අවස්ථාවේදී ව්‍යවස්ථාවට ඇතුලත් කළ විජේදාස රාජපක්ෂ මහතා වැන්නවුන්ට බෙදුම්වාදීන්ට උවමනා සංශෝධන 2-3ක් ඇතුල් කිරීම සුළු දෙයක් විය හැකි බැවින් ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳව සැකයෙන් බැලීම ඇගට ගුණ බව දේශපාලන විචාරකයින් සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
රනිල්ලටවත් දීගන්න බැරි වුන 13 වි.ස. පක්ෂ 11 දෙයිද? පී 11හේ ලණුකාර පක්ෂය කුමක්ද?