දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ඉතිහාසයේ වැඩිම අගයකින් පොලී අනුපාත ඉහළ දමන ලද්දේ එම කැපකිරීම පෙන්වීමට බවයි.

“දැනට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී තිබෙන තත්ත්වය මත කිසිවෙකුට ක්ෂණිකව ආපසු හැරවීමට නොහැකියි. තවත් ටික කාලයක් ජනතාවට යම් අපහසුතා දරාගෙන සිටීමට සිදුවනවා.” යනුවෙන් පැවසුවේය.



One thought on “පළමුව අනවශ්‍යය ලෙස මුදල් අච්චු ගැසීම නවත්වනවා. ජනතාවට තව දුරටත් දුෂ්කරතාවයන් දරා ගැනීමට සිදුවේවි- මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ”

  1. පහුගිය රජය ඩොලර් බිලියන 13ක් ජාත්‍යන්තර ස්වෙරී බැඳුම්කර ගන්නවිට, රුපියල් බිලියන 300ක සල්ලි අච්චු ගහනවිට, මහබැංකුව කොල්ලකනවිට මේ මහත්වරු කොහේද හිටියෙ? ආයෙ පරණ කොට්ටෙටම යන කොට්ට මාරු සෙල්ලමක් නොවෙයි කියන්න ඔය කියන අමාරු කාලෙ පහු කරල යනවිට හැකි වේවිද? විධායකයටත් උඩින් ඉන්න ස්වාධීන කිරීමෙන් ප්‍රශ්ණය විසඳෙයිද? පොලී අනුපාතය ඒකක 700 කින් ඉහළ දැමීම ජනතාවට බලපාන්නේ කෙසේද යැයි පැහැදිලි නොකරන්නේ කුමක් නිසාද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More