මහ බැංකුව දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට තමා දැඩිව කි‍්‍රයාකරන බව මහ බැංකුවේ නව අධිපති ලෙස පත්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඒ සඳහා රජයේ මූල්‍ය ප‍්‍රතිපත්තිවලින් ද බලය ලැබී ඇතැයි ද රටේ පවතින මූල්‍ය අර්බුදය කලමනාකරණය කිරීමට මහ බැංකුව පියවර ගන්නා බවත් රටේ මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය නැති කිරීමට දේශපාලන අධිකාරිය පියවර ගත යුතු බවත් ඒ අනුව ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩනගා ගෙන පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාගත හැකි යැයි ද මහ බැංකුවේ නව අධිපතිවරයා මේ බැව් පැවසුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී නව අධිපතිවරයා මෙසේ ද පැවසීය….
වසර දෙකක් තිස්සේ පවතින ආර්ථික අර්බුදය එකවර වෙනස් කළ නොහැකියි. පළමුව සිදුකළ යුත්තේ කඩාවැටෙන ආර්ථිකය නැවැත්වීමට පියවර ගැනීමයි. එහිදී පළමු පියවර ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට මූල්‍ය මණ්ඩලය තීරණය කළා.
ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය සමග වාචික සාකච්ඡාවක් ලබන 18 වැනිදා පවත්වනවා. ඉන්පසු අපගේ මූල්‍ය ප‍්‍රතිපත්ති සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙනවා.
මුදල් ඇමැතිවරයෙක් නොමැතිව වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු සාකච්ඡා පැවැත්විය හැකියි. නමුත් මුදල් ඇමැති ලෙස අලි සබ්රි මහතා පත්ව සිටිනවා.
ණය ප‍්‍රතිව්‍යුහගතකර ගැනීම සම්බන්ධව කටයුතු කරන දින වකවානු දැන්ම පැවසිය නොහැකියි. ඊට පෙර අප රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කර ලබාදිය යුතුයි. රටේ මුදල් අච්චු ගැසීමේදී අනවශ්‍ය ලෙස එය නොකරන ලෙස එදා මම ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. නමුත් ඒ මොහොතේ ජනාධිපතිවරයා වෙනත් අයගේ උපදෙස් පිළිගෙන එය ප‍්‍රතික්‍ෂේප කළා යැයි ද ඔහු කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...