දේශීය පුවත්

සර්ව පාක්ෂික අෘණ්ඩුවක් හැදීම සඳහා යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ පාර්ශව ක්‍රියාකරමින් සිටින බවට ලැබෙන ආරංචි පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්.

”සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න කාටවත් ජනවරමක් ලැබී නැහැ. පළමුව කළයුත්තේ ආණ්ඩුවේ පාර්ශව එක්ව අර්බුදය විසඳන ආකාරය පිළිබඳව නිශ්චිත යෝජනා රටට ඉදිරිපත් කිරීමයි. එමයෝජනාවලට විපක්ෂය කැමතිනම් ඊට සහයදීම ඔවුන්ගේ යුතුකමක්. එසේ නැතිනම් ඔවුන්ගේ විකල්ප යෝජනා රටට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිව ඔළුගොඩි මාරු කිරීමෙන් හෝ ඊනියා විද්වත් මණ්ඩල පත් කිරීමෙන් මහජනයා ගොනාට අන්දවන්න ලැබෙන්නේ නැහැ. වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් නොකරන්නේනම් අන්තර්කාලීන ආණ්ඩුවකින් ප්‍රශ්නය විසදන්න බැහැ කියන මතයේ අප සිටින්නේ. ඒ සියල්ලටම වඩා මේ වෙලාවේ ජනපතිගේ බලතල කාප්පාදු කිරීමේ නාමයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට එකඟ වීම මාරාන්තික වරදක් විය හැකියි. ඒක අස්සට 13 බලාත්මක කරන යෝජනා 2-3 ඇතුල් කිරීමට ඉඩ තියෙනවා. එහොම වුණොත් ඒක මහා පාවාදිමක්”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More