කරුණු 4ක් යටතේ අන්තර්කාලීන පාලනයක් ඇති කිරීම සඳහා තම පක්ෂය එකඟ වන බව රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක පැවසීය.
“ජාතික ජන බලවේගය ලෙස මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා නිශ්චිත සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා.”
“පළමු එක ජනාධිපතිවරයා මෙම ධූරයෙන් ඉවත්වීම.”
“දෙවැනි එක මෙම පාලනය ඉවත්වීම.”
“තුන්වැනි එක ජනතාවට අලුතෙන් අවස්ථාවක් ලබාදීම.”
“සිව්වැනි එක ජනතාවට සහාන ලබාදීම.”
“ඒ සඳහා අවශ්‍ය වන අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න.”
“ඒ පාලනයේ සංයුතිය, හැඩරුව අපි ඕන තරම් සාකච්ඡා කරන්න සූදානම්. ඒ පිළිබඳව අපිට අපේ අදහස් තිබෙනවා. ඒ නිසා එවැනි අන්තර්කාලීන අවස්ථාවක් ගොඩනැගීම සඳහා අපි පක්ෂපාතී. එය කළ යුතුයි.”
“තව තවත් මේ ආණ්ඩුවට එරෙහිව තිබෙන උද්ඝෝෂණ දැඩි කළ යුතුයි. ඒවා කිසිසේත්ම නතර කළ යුතු නෑ. උද්ඝෝෂණවලට අපි උපරිම සහයෝගය ලබාදෙනවා. යැයිද ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...