දේශීය පුවත්

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය අද (8 වැනිදා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතව තිබුන ද එය කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

එසේ කල්දමා ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම විසින් අද දිනයේ ලබාදීමට නියමිත යෝජනාවලිය ද සැලකිල්ලට ගැනීමට ජනාධිපතිවරයා තීන්දුකර තිබීමයි.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව මේවනවිට පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම විසින් වත්මන් අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා වූ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත අද (08) දිනයේදී බාරදීමට නියමිතය. එම මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් ඊයේ පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 7 ශාලාවේ රැස්වී දීර්ඝ සාකච්ජාවකින් පසු මෙම තීරණයට එළඹ ඇත.

ඇමැති මණ්ඩලය අඩකින් අඩු කරන්න යයි !  

ඒ අනුව ලබන සඳුදා කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමට නියමිත බවත් තිහක සීමාවේ තිබූ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුවී ඇති බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ අනුව මෙතෙක් ඇමැති ධුර හිමිවූ මන්ත්‍රිවරුන් රැසකට ඇමැති ධුර අහිමි වන බවද වාර්තා වෙයි. මේ අතර ‘අරුණ’ පුවත්පත වාර්තා කර ඇත්තේ, විදුලිබල ඇමැති ධුරයට හිටපු ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ම පත්කිරීමට නියමිත බවයි.  විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ. ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (7 වැනිදා) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි.
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (8 වැනිදා) දින හයක් ගතවෙයි. මේ වනවිට මහාමාර්ග, අධ්‍යාපන හා විදේශ කටයුතු යන විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් ඇමැතිවරුන් පත්කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More