දේශීය පුවත්

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතාට අයත් Trillium Property Managment and Service (Ltd) නමැති හෝටලයේ රුපියල් විසිඑක් ලක්‍ෂ හැටදහස් අටසිය විසිහතයි ශත හැත්තෑ එකක (21,60,827.71) හිඟ විදුලි බිල් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

සභාපතිවරයාට අයත් මෙම ආයතනය හෝටලයක් වන අතර එය 210, ටොරින්ටන් කොළඹ 07 ප‍්‍රදේශයේ පිහිටා ඇත.

මෙම හිඟ බිල්පත නොගෙවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ හෝටල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට ලබාදී තිබෙන සහන කාලය (moratorium) මත මෙම මුදල එකතු කර තිබෙන බවයි. කෙසේ වෙතත් ලබාදී තිබෙන සහන කාලය පදනම් කරගනිමින් සාමාන්‍ය පරිදි විදුලි බිල ගෙවමින් සිටින බවද සභාපතිවරයා පැවැසීය.

මේ දිනවල රටේ පවතින විදුලි ඉල්ලූම සපුරාලීමට නොහැකි නිසා දිනකට විදුලිය කපන කාලය තීරණය කරනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම මගිනි.

(උපුටා ගැනීම -දිවයින පුවත්පත)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More