දේශීය පුවත්

ඉන්ධන, ගෑස්, විදුලි හිගයට වඩා දරුණු ආහාර හිගයක් ඉදිරියේ දී ඇති විය හැකි බවට අනුමාන කළ හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කරන ලදි.

පසුගිය දින කිහිපය පුරා මන්ත්‍රීවරුන්ට විශාල පීඩනයකට ලක්වු බවත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවේ සහ වරප්‍රසාදවල භාරකරු ලෙස එය තරයේ හෙළා දකින බව ද ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට දැනුම් දී ඇතැයි ද පැවසු කථානායකවරයා එය ජනතාව විසින් විඳිනු ලබන සාධාරණ පීඩනයක් බව ද කියා සිටියේය.

රට මුහුණ දී ඇති අර්බුදය පාර්ලිමේන්තුව තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳිය හැකි බව ද මේ සතිය අවසන් වීමට පෙර මේ අර්බුදයෙන් ගොඩඒමට පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සකස් කර සියලුදෙනා ඒ වෙනුවෙන් කැපවෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

“අද මේ විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ, අප රට තුළ ඇති වු දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව සිහිගන්වමි. මෙය අර්බුදයක ආරම්භයක් ලෙස මම සඳහන් කරනුයේ, මා හට දැනෙනා ලෙසට මෙය තව උග්‍ර වීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන නිසාය. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා ඉදිරියේ දී දරුණු ආහාර හිඟයක් ඉදිරියට ඇති විය හැකි බවට අනුමාන කරයි. එය එසේ සිදුවේවි ද නැතිනම් එය යම්තාක් දුරටකට හෝ පාලනය කරගන්නේ අප සියලුදෙනා මේ සතිය තුළ ක්‍රියාකරන ආකාරය මත යැයි මා විශ්වාස කරමි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More