පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීන්දු කළ පක්ෂ 10 සන්ධානයේ නායකයකු වන විමල් විරවංශට එරෙහිව ඔහුගේ නිවස අසල විරෝධතාවයක් සංවිධානය කිරීමට බැසිල්වාදී කණ්ඩායම් දැරූ උත්සහයක් අසාර්ථක වී තිබේ.
විමල් විරවංශ මන්ත්‍රීවරයා ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුව අමතා, ආණ්ඩුවේ සිටි පක්ෂය දහයක 10 ක මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දී සිටියේය.
රට වත්මන් තත්ත්වයට ඇද දැමූ පුද්ගලයා තවමත් පාර්ලිමේන්තුවේ මුල් පෙළ අසුනක සිටින බව කී විමල් වීරවංශ මේ තත්ත්වය වහා වෙනස් නොකොලොත් රට අරාජික විය හැකි බවද සඳහන් කළේය.
ඔහු එම ප්‍රකාශය සිදුකර මොහොතකට පසු නාඳුන පුද්ගලයින් කිහිපදෙනෙකු විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ හෝකන්දර නිවාස අසලට වාහන වලින් පැමිණ උද්ඝෝෂණයක් කිරීමට ප්‍රදේශවාසීන් රැස්කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු පසුබැස ගොස් තිබේ.
එම නාදුනන පුද්ගලයින් පැමිණ ඇත්තේ පහත අංක දරන වාහන වලිනි.
CP PD 2491, WP BCE 3283, BHF 3832, 54-3997
– theleader
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...