ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්ඊයේ (19) රාත‍්‍රියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායම සම්බන්ධ කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාකොට ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී විමසා ඇත්තේ ඔවුන්ට කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගී වීමට ඉඩ ලබා දෙනවාද යන්න පිළිබඳවයි. එහෙත් එහිදී නැගී සිටි ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් පවසා ඇත්තේ 16 කණ්ඩායම නිදහස් පක්ෂයේ දරණ තනතුරු අතහැර පැමිණෙන්නේ නම් පමණක් ඔවුන් භාරගත යුතු බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී රත්නපුර නගර සභාවේ බලය පිහිටුවීම සහ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා කැඳවූ රැස්වීමක් හදිසියේ අවලංගු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

වත්මන් රජය විවිද හේතු දක්වමින් අසාධාරණ ලෙස මාස 09 ක කාලයක් පළාත් සභා මැතිවරණය කල් දමමින් සිටින බවත් ඉදිරියේදී උතුරු පළාත් සභාවද විසුරුවා හරින බැවින් දැනට විසුරුවා හැර තිබෙන පළාත් සභා 03 ක මැතිවරණය පවත්වන්නැයි රජයට බලකරමින් විරෝධතාවන් සිදුකිරීමට ඊයේ රාත්‍රියේදී හිටපු ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ජාවේදී තීරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ තවත් සාකච්ඡාවක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත‍්‍රියේ පවත්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More