පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය උග්‍රවීමෙන් රටතුල පැවතිය යුතු කෙටි කාලීන සහ දිගු කාලීන දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිම සඳහා පහත සඳහන් ජාතික සම්මුතිය ඇති කිරිමට සංවිධානාත්මක ජනමතයක් සහ දේශපාලන පක්ෂද ඇතුලු සියලු බලවේග පෙළගැස්වීම සඳහා කටයුතු කල යුතු බවට දේශප්‍රේමි ජාතික පෙරමුණ වශයෙන් අපි යෝජනා කරමු.
1) ව්‍යාවස්ථාවෙන් පිහිටවන ජාතික ආර්ථික විධායක සභාවක්
2) වාර්ෂික සහ පස් අවුරුදු ඉලක්ක සහිත වසර විස්සක් සඳහා වන ජාතික ආර්ථික සම්මුතියක්
3) ආර්ථික කාර්‍ය්ක්ෂමතාව, සමාජ සාධාරණත්වය ඉලක්ක කර ගත් ආර්ථික වැඩ පිළිවෙලක්
4) ආහාර සුරක්ෂිතබව සහ කෘෂිකර්මාන්තය, ආනයන ආදේශන කර්මාන්ත, දේශිය සම්පත් පදනම් වු බැර කර්මාන්ත, පුනර්ජනනීය බලශක්තිය ,දේශිය වෛද්‍ය ක්‍රමය, ග්‍රාමීය සාමුහික ආර්ථික ක්‍රමය, නිපුණතා ශ්‍රම බලකායක් මත පදනම් වු ජාතික ආර්ථික දර්ශනයක්
5) දේශපාලඥයන්ට සහ රජයේ නිළධාරින්ට නීතීයෙන් බලාත්මක කල හැකි ආචාර ධර්ම පද්ධතියක්
6) උපයා ගත් අකාරය හෙළි දරවු කල නොහැකි වත්කම් සහ වංචා දූෂණ මගින් උපයාගත් වත්කම් රාජසන්තක කිරිම සඳහා විශේෂ මහාධිකරණ දෙකක්
7) එම අධිකරණයට සහය වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ විගණන දෙපාර්තමේන්තුව ඇතුලත් ස්වාධීන දෙපාර්තමේන්තුවක්
8) ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථානවලට සහ වැදගත් ආර්ථික සේවාවන්ට බලපාන විදේශ ගිවිසුම් යළි සමාලෝචනය කිරිමෙන් අනතුරුව අහෝසි කිරිම හෝ සංශෝධනය කිරිම.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...