දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබූ බහුතර බලය ඊයේ(05) අහිමි වුණා.

ඒ, ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් 41 දෙනෙකු ස්වාධීන වීමත් සමගයි.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට හිමිව තිබූ සමස්ත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 159ක්.

පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුණා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරු 15 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 10 දෙනෙකු සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු අද දිනයේ තීරණය කළේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමටයි.

ඒ අනුව මේ වන විට ආණ්ඩුවට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක්.

නමුත් ඊයේ පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ තත්වයක් ඇතිව තිබුණා.

ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා විසින් මේ බව දැනුම් දුන්නා.

එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ මන්ත‍්‍රීවරුන් සියළු දෙනා පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විසින් දැනුම් දුන්නා.

ශී‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයද පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඊයේ පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පිරිස මෙසේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 14ක්, සෙසු පක්‍ෂවල 16ක්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 11ක්, තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසය මෙසේ ස්වාධීන වූ පිරිස 40කට ආසන්න වෙයි.

කෙසේ වෙතත් පසුව ආණ්ඩු පක්ෂය සහ එම ස්වාධීන වූ මන්ත්‍රිවරුන් අතර පැවති සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස එසේ ස්වාධීන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා විසින් ප්‍රකාශ කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ආණ්ඩුවට සහය දෙන බවට දැනුම් දුන්නා.

ඒ අතර පාර්ලිඋමේන්තු සැසිය අවසන් වන්නට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන රොෂාන් රණසිංහ, ගයාශාන් සහ අරුන්දික මන්ත්‍රීවරුන් තමන් ආණ්ඩු පක්ෂයට සහය දෙන බවට පාර්ලිමේන්තුවේදිම අදහස් පල කරමින් කියා සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More