පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී ඊයේ(06) පැවති විරෝධතාවය මධ්‍යයට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ සෙබළුන් හේතුවෙන් විරෝධතා කරුවන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ අතර එම සෙබළුන්ට පොලිස් නිලධාරින් විරෝධය දැක්වීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.
කෙසේ වුවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුද්ධ හමුදා මුලස්ථානය පවසන්නේ එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බවයි.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස යුද හමුදා පතිවරයා පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයිද යුද්ධ හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යයක්ෂක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සිය නිවේදනය මගින් පවසා සිටියි .
මේ අතර පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.
මේ අතර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...