උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
නිරීක්ෂණ වාර්තා අනුව කණ්ඩායම් දෙකක් විරෝධතා සිදුකරන බවට පෙනී ගොස් ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“දැනට පෙනී යන ආකාරයට කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වෙනවා. එක් කණ්ඩාමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණ පවත්වාගෙන යනු ලබන අතර අනෙක් කණ්ඩායම හිතාමතාම රජයේ පොදු දේපළවලට හා විවිධ පාර්ශවයන්ගේ දේපළවලටත් පුද්ගලික දේපළවලට හානි පමුණුවමින් එදිනෙදා ජන ජීවිතයට අපහසුතා ඇති වන අයුරින් හැසිරෙන ආකාරයෙන් සංවිධානාත්මකව ප්‍රචණ්ඩකාරීව උද්ඝෝෂණයන් පවත්වාගෙන යන ආකාරයක් පෙනී යනවා. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගිහිල්ලා ඇති ආකාරයක් අපිට දැක ගන්නට පුළුවන්. මෙහිදි යම් ප්‍රදේශවල උද්ඝෝෂකයින් යතුරුපැදි භාවිතා කරමින් තැනින් තැනට ගිහිල්ලා නිවාසවලටත් වෙළෙඳසැල්වටත් ගල්මුඟුරු සහ පෙට්‍රල් බෝම්බ පවා භාවිත කරමින් පහරදීම් සිදුකරලා තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායම් කිහිපයක් සංවිධානාත්මක ලෙස නිවාස මංකොල්ලා කෑම් ද ඊයේ දිනයේ දී සිදුකරලා තියෙනවා. කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක් සිදුනොවීමට වග බලාගන්නා බවට සහ කටයුතු කිරීමට සිදුවන බවට මම සියලු දෙනාටම දැනුම් දීමට කැමති. ඒ වගේම සාමය ආරක්ෂා කිරීමටත් එවන් සිදුවීම්වලට සම්බන්ධ වන අයට කටයුතු කිරීමටත්, දැඩි ලෙස නීතිය ක්‍රියාත්ම කිරීමටත් කිසිසේතම් ආරක්ෂක අංශත් පොලීසියත් පසුබට නොවන බව අවධාරණය කළ යුතුයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...