ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු විපක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිස 113කට වඩා වැඩිවී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාවක් සම්මත කරගතහොත් ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවන බව අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයවික‍්‍රම මහතා ‘පැවසීය. එසේ වුවහොත් ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් කැඳවීමට සිදුවන බවද ඒ මහතා කීය.
මහ මැතිවරණය පැවැත්වෙනතුරු පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රවරුන්ගේ සහාය පළවන මන්තී‍්‍රවරයකු අග‍්‍රාමාත්‍ය තනතුරට පත්කර ගැනීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව බලය හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.
දැනට පවතින තත්ත්වයට අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයට සහාය ලබාදෙන මන්තී‍්‍රවරුන්ගේ තීරණය මත එම කටයුතු සිදුවනු ඇතැයි ද හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයවික‍්‍රම මහතා තවදුරටත් සඳහන් කළේය.
(දිවයින පුවත්පත)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...