හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ හදිසි නීති පැනවීමට රජය ගෙන ඇති තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් අනුමත නොකරන බවයි.
ඒ අනුව තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අද සිට ස්වාධීනව කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, මෛත්‍රීපාල සිරිසේන,නිමල් සිරිපාල ද සිල්වා,මහින්ද අමරවීර,දයාසිරි ජයසේකර,දුමින්ද දිසානායක,
ලසන්ත අලගියවන්න,රංජිත් සියඹලාපිටිය,ජගත් පුෂ්පකුමාර,ශාන් විජයලාල් ද සිල්වා,ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල,සුරේන් රාඝවන්,අංගජන් රාමනාදන්, සම්පත් දසනායක යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනිති.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු, විමල් වීරවංශ ඇතුළු රජයට සම්බන්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙකු, ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) මන්ත්‍රීවරුන් 2 දෙනෙකු සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (ACMC) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුසාරෆ් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බවද ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...