දේශීය පුවත්

ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි කාබනික පොහොරවලට අමතරව රසායනික පොහොර සඳහා ද සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් අප වෙත ලැබී ඇත,

ප්‍රවෘත්ති නිවේදනයයි.

වර්තමාන රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යටතේ මෙතෙක් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙත කාබනික පොහොර ලබා දීමේදී සම්පූර්ණ වශයෙන් සහනාධාර මත ලබා දෙන ලදී.

එසේ වුවත් ගොවි ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමු වීමෙන් පසුව ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා ද සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගනු ලබන බිල්පත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සහනාධාරය ගෙවීම සිදු කිරීමට නියමිතව ඇත.

ඩී.එම්.එල්. බණ්ඩාරනායක
ලේකම්
කෘෂිකර්ම අමාත්‍යාංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More