දේශීය පුවත්

ආණ්ඩුවට විරුද්ධව ගොඩ නැගුණු ජන බලය වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (4 දා) පැවසීය.

පාර්ලිමේන්තුවෙන් පිටත ‘ජනතා ආණ්ඩුවක්’ ගොඩනැගීමට ජනතාව සංවිධානාත්මකව පෙළගැසිය යුතු යැයි ද ඒ මහතා කීවේය.

කොළඹදී පැවැති මාධ්‍ය සාකච්වඡාකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජනතාවට තම ගැටලූ ඉදිරිපත් කළ හැකි ‘ජනසභා’ ගම් මට්ටමින් පිහිටුවිය යුතු බව ද ඔහු පැවසීය. ගම් මට්ටමින් එම ලැබෙන

ගැටලූ ‘ජාතික කවුන්සිලයකට’ ඉදිරිපත් කර පවතින ඕනෑම රජයක් ලවා ඒවා ක‍්‍රියාත්මක කර ගැනීමට හැකි දේශපාලන පරිසරයක් නිර්මාණය කළ යුතු යැයි ද කුමාර් ගුණරත්නම් මහතා කීවේය.

ඇමැතිවරුන් ඒවා ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් අදාළ ‘ජාතික කවුන්සිලය’ වෙත කැඳවා ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමට ජනතාවට බලය හිමිවිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ඇතැම් පක්ෂ අන්තර්වාර පාලන යෝජනා ක‍්‍රම ගෙන එන්නේ ගොඩනැගුණු ජනතා බලය කොල්ලකා යළිත් වෙනත් පැලැන්තියකට බලය ලබා දීමට යැයි ද හෙතෙම සඳහන් කළේය. මැතිවරණයකදී ඡන්දය ප‍්‍රකාශ කර අත පිස දා ගන්නේ නැතුව ජනතාවගේ බලය ජනතාව අතේම තබා ගත යුතු යැයි කුමාර ගුණරත්නම් මහතා කීවේය. එමෙන්ම රටේ වර්තමානයේ ඇති අර්බුද විසඳීමට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More