දේශීය පුවත්

අප්‍රේල් 3 දින, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන මහත්වරුන් ජනාධිපති සහ අගමැති හමුවී රට දැන් පත්වී ඇති බැරෑරුම් තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා යෝජනා මාලවක් ඉදිරිපත් කර තිබීම පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියේ දේශපාලන අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමාගේ ප්‍රකාශය පහත සඳහන්වේ.

“විමල්ල ඒ කර ඇති යෝජනා ඇත්තවශයෙන්ම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පමණක් නොවෙයි, මුළු රටම හමුවේ තැබිය යුතුයි. අනෙක, ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඒ පිළිබඳව කටයුතු කිරීම ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන තරමට ජනතාව අතරේ ඔය යෝජනා වලට ඇතිවිය යුතු එකඟතාවය වෙනස් වෙන්න හැකියාව තියෙනව. සමාජ මාධ්‍යවල දැනටමත් ප්‍රකාශ වෙනව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමින්වහන්සේලාත් යම්කිසි යෝජනා මාලාවක් ඉදිරිපත්කර ඇති බව. ජනාධිපතිටත් අගමැතිටත් තවත් කල්මරමින් කරන ක්‍රීඩාව කරන්න බැහැ. ප්‍රමාදවෙන හැම විනාඩියම විනාශය වැඩි කරන එක විතරයි වෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More