දේශීය පුවත්

පැවැති කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපති තුමා විසින් පත් කළ නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිට දිවුරුම් දීම කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව මුදල් ඇමති ලෙස අලි සබ්රි මහතාත් ,අධ්‍යාපන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත්,විදේශ ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතාත් මහාමාර්ග ඇමති ලෙස ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාත් දිවුරුම් දී ඇති බව වාර්තාවේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූල සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙම අමාත්‍යවරුන් සිව් දෙනා පත් කරන ලද බවයි.

මේ අතර නව කැබිනට් මණ්ඩලයේ තනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වන යෝජනා වී ඇති නව සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගැනීමට තීරණය කර තිබෙන බව පවසයි. එහිදි එම මන්ත්‍රීවරු වැඩිදුරටත් පවසා සිටින්නේ දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීමේ දී ආණ්ඩු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවත් ඉදිරියෙදී ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවත් ඔවුන් සඳහන් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More